Visitors
ඉස්ලාම් ආගම ත්‍රස්තවාදය අනුශාසනා (අනුබල) කරන්නේ ද?
සර්වබලධාරී අල්ලාහ්ගේ නාමයෙනි…
ලෝක ආගම්වලින් අවසානව හැඳින්වන ලද ආගම ඉස්ලාම්. එම ආගම හැඳින්වී ශතවර්ෂ 14 ක් තුල ලෝක ජනගහනයෙන් කාලක් (1/4) පමණ, තමන් වෙතට යොමුකර ගත්තේය.
ඉස්ලාම් ආගම පිළිනොගත් ජනතාවත් මෙම ආගමෙහි ඇති බොහෝ හොඳ ක්‍රියාවන් එක සිතින්ම අගය කරති.
- පැහැදිලි දේව ප්‍රතිපත්තිය.
- පුජකයන් හා තැරැව්කරුවන් නොමැතිවීම.
- මෝඩ විශ්වාස දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කිරීම.
- ජාති, භාෂා හා කුල භේද ඉවත්කර ඇති කළ විශ්ව සහෝදරත්වය.
වශයෙන් බොහෝ දේ මුස්ලිම් නොවන ජනතාවගේ ද සිත්ගන්නා අන්දමින් පිහිටා ඇත.
එහෙත් ඔවුන්ගෙන් සුළුතරයකට ඉස්ලාම් කෙරෙහි දැඩි අකමැත්තක් හා තවත් පිරිසකට එය කෙරෙහි දුග්ගැනවිල්ලක් ද තිබේ.
ඉස්ලාම් ත්‍රස්තවාදයට අනුබල දෙයි; ත්‍රස්තවාදීන්ව බිහිකරයි යන සිතුවිලි මෑතකදී සිට වර්ධනය වෙයි. මුස්ලිම් නොවන අය ඉස්ලාම් ආගම අප්‍රිය කිරීමට ප්‍රධාන හේතුවක් හැටියට මෙයද හැඳින්විය හැක.
ඉස්ලාම් ආගම ත්‍රස්තවාදයට අනුබල දෙයි යන මතය දරන්නන් දෙපිරිසක් වේ. එනම්…
මුල්ම පිරිස, මුස්ලිමානුවන් ඇතැමුන්ගේ ක්‍රියාවන්; මුස්ලිමානුවන් ගැන මාධ්‍ය වලින් ප්‍රකාශනය කෙරෙන පුවත් දැක මෙම තීරණයට පෙළඹුණු අයයි.
දෙවන පිරිස වනුයේ, යුද / සටන් කිරීම පිළිබඳවූ ශුද්ධවූ අල් කුර්ආන් හි වැකි හා නබි නායකතුමාණන් නායකත්වය දරා යුද සටන් නියෝජනය කළ බව දැනගත් නිසා මෙම තීරණයට පෙළඹුණු අයත් වෙයි.
දෙවන පාක්ෂිකයන්ගේ තීරණය නිවැරදි ද? යන්න ගැන අපි මුලින්ම සලකා බලමු.
ශුද්ධවූ අල් කුර්ආනයේ සටන් කරන මෙන් දැඩිව නියෝග කෙරෙන වාක්‍යයන් බොහොමයක් ඇත. නබිතුමාණන් ද යුද ගණනාවකට නායකත්වය දැරූ බව ප්‍රතික්‍ෂේප කළ නොහැකි සත්‍යකි. මෙහි කිසිම සැඟවීමක් හෝ මුවාවක් ද නොමැත.
එනමුත් මෙය නිසියාකාරව තේරුම් ගතහොත් කලින් ඔවුන් වරදවා තේරුම් ගැන තිබු බවට හැඟෙනු ඇත.
මුහම්මද් නබි නායක තුමාණන්ගේ ජිවිත කාලය අවස්ථා තුනකට බෙදිය හැක.
- එතුමාගේ උපතේ සිට 40 වන විය තෙක් වන ජිවිත කාලය.
- එතුමන් තමන් නබිවරයෙකු බව හඳුන්වා දුන් 40 වන වියේ සිට 53 වන විය දක්වා වූ 13 වසරක කාලය.
- තම ජන්ම භුමියෙන් (මක්කා නගරය) පලවා හරින ලදුව මදීනා නගරයට ගොස් එහි ජනතාවගේ හිත දිනාගෙන රජයක් පවත්වන ලද (53 වන වියේ සිට 63 වන විය දක්වා) වූ අවුරුදු 10 ක කාලය.
මෙම අවස්ථා තුනෙන් ප්‍රථම අවස්ථාව වන තමන්ගේ 40 වන වියතෙක් එතුමන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු හා තමන්ගේ වෙළඳාම පමණක් කරගෙන සිටියේය. කිසිම ප්‍රතිපත්තියක් ගැන අනුශාසනා නොකළ කාල පරිච්චේදය වේ. එහි කිසිම විවේචනයකට හෝ ඉඩකඩක් නැත.
දෙවන අවස්ථාවේදී එතුමන් තමන්ගේ නෑදෑයන්ගෙන් හා නගර වැසියන්ගෙන් බොහෝ සේ පීඩාවන්වලට මුහුණ දීමට සිදුවිය. එතුමන් හා එතුමන්ව පිළිගත් අනුගාමිකයන්ව එම නගරයෙන් පිටමන් කළහ. එතුමන්ගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක්ව මරා දැමුහ. තවත් අයව වධ හිංසා කළහ.
වඩා උසස් ගණයේ කුලයක් ලෙස එම ජනතාවගෙන් පිළිගන්නා ලද “කුරෛශි” කුලයේ නබි නායක තුමන් බිහිවූ නමුත් එතුමන්වත් එම ජනතාව වධ හිංසා කළහ.
මිනිසෙකු යුදායුධ අතට ගැනීමට තරම් (ඉහත සඳහන්) හේතු සාධක බොහොමයක් තිබුණි. අනුගාමිකයන් විසින් එවැනි ඉල්ලීම්ද කරන ලදී. එහෙත් මෙම අවුරුදු 13 ක් ඇතුලත එක් වතාවක් හෝ ඔවුන්ට (නබිතුමන්ගේ විරුද්ධ පාක්ෂිකයින්ට) එරෙහිව සටන් කරන මෙන් හෝ ඔවුන්ගෙන් කෙනෙකු මරාදමන ලෙස හෝ එතුමන් නියෝග කළේ ද නැත. වෙනුවට එම අවුරුදු 13 හිම එතුමන්ගේ පිළිතුර වුයේ “ ක්ෂාන්තිය හා ඉවසීම අනුගමනය කරන මෙන් මා (අල්ලහ්ගෙන්) අණ කරන ලදිමි” යන්නයි. අද වනවිට ලෝකයේ ඇතැම් පෙදෙස්වල මුස්ලිමානුවන් නොයෙකුත් වධ හිංසාවලට ලක්වනවා ඔබ දන්නා කරුණකි. එහෙත් එදා නබිතුමන් හා එතුමන්ගේ අනුගාමිකයන් මීටත් වඩා දහස් ගුණයක් වධ හිංසාවලට මුහුණ දුන්නෝය යනු වඩාත් සැලකිය යුතු කරුණකි.
මෙයින් පසු තමන්ගේ ජන්ම භුමියේ තවත් ජීවත්විය නොහැකි බවට පත්වීමෙන් පසු සැතපුම් 300 දුරින් පිහිටා තිබු “මදීනා” යන නගරයට ගොස් එම ජනයාගේ හිත් දිනාගෙන එහි තමන්ගේ (ඉස්ලාමිය) රජය පිහිටුවේය.
මෙසේ රජයක් පිහිටුවීමෙන් පසුවත් එතුමන්ගේ සතුරන් මෙතුමන්ලව සමාදානයෙන් ජීවත්වීමට ඉඩහැරියේ නැත. බොහෝ වරක් මෙතුමන්ලට එරෙහිව සටන් දියත් කළහ, අනෙකුත් පාර්ශවයන්ව මෙතුමන්ට එරෙහිව පෙළඹවීය. එක් වකවානුවකදී නබිතුමන් හා එතුමන්ගේ අනුගාමික මුස්ලිමානුවන් හැර අනෙකුත් සියලු සතුරු පාර්ශවයේ සන්ධානයක් පිහිටුවා සටනට ආහ. මෙය ඉස්ලාමිය ඉතිහාසයේ “අගල් යුද්ධය” [The Battle of Khandaq (Trench)] යනුවෙන් හැඳින්වෙයි.
මෙවන් සටන් ඔවුනට එරෙහිව ආ මොහොතේදී තමයි රටේ නායකයා හැටියට නබිතුමාණන් රටත් ජාතියත් සතුරන්ගෙන් බේරා ගැනීම පිණිස යුද්ධයකට අවතීර්ණ වුහ.
මොන රටක් වුවත් තමන්ව ආරක්ෂා කරගැනීම පිණිස කෙසේ ක්‍රියා කරයි ද? කෙසේ ක්‍රියා කළ යුතු ද? එයමයි නබි නායකතුමාණන් ද කළහ. වෙනුවට මුස්ලිම් නොවන අයව නැති කිරීම සඳහා එතුමන් සටන් කළේ නැත.
මෙනිසයි එතුමන්ගේ රජය යටතේ යුදෙව්වන් හා ක්‍රිස්තියානුවන් සැනසිල්ලෙන් ජිවත් වුහ.
නබිතුමාණන් තමන්ගේ (යුද)ආරක්ෂක ආවරණ ඇඳුම් යුදෙව්වකු ළඟ උකසට තබා එය ආපසු නොගෙනම ස්වර්ගස්ථ වුහ. එනම් ඒ තරමට ම යුදෙව්වන්ට ආර්ථික නිදහස තිබුනේය.
යුදෙව්වන් තමන් අතර ඇතිවන ප්‍රශ්න හා නඩු පවා නබිතුමාණන් ඉදිරියේ තීන්දු ලබා ගත්හ.
ශුද්ධවූ අල් කුර්ආනයේ සටන් කරන ලෙසට පැවසුණු නියෝගයන් සියල්ල මෙවන් රජයක් පිහිටුවීමෙන් අනතුරුව ඉස්ලාමීය රජයකට පැවරුණු නියෝගයන් ය.
මුස්ලිම් නොවන සියලුම ජනතාවට එරෙහිව සටන් කරන ලෙස එතුමන් තමන්ගේ ප්‍රතිපත්තියක් ලෙස ප්‍රචාරය කර තිබුණොත් එම ජනතාව ඉස්ලාම් ආගම පිළිගනු නැත.
එම (සටන් සම්බන්ද නියෝගයන්) ඉස්ලාමීය රජයටත් දේශයටත් පනවන ලද නියෝග බව මුස්ලිම් නොවන ජනතාවත් දැනසිටි හෙයින් ඔවුන් සමුහයන් වශයෙන් ඉස්ලාම් ආගම කරා ගමන්ගත්තේය (වැළඳ ගත්හ).
එමනිසා ශුද්ධවූ අල් කුර්ආනයේ සටන් කරන මෙන් නියෝග කරන ලද සියලුම වැකි ඉස්ලාමීය රජයකට පැවරුණු නියෝගයන් ය. වෙනුවට තනි පුද්ගලයන් හෝ පිරිසකට පැවරුණේ නැත.
රජයකට පැවරුණු නියෝගයන් තනි පුද්ගලයන් ක්‍රියාත්මක නොකළ යුතුයි.
සොරකමට අත කැපීම, වෙශ්‍යාවෙහි (prostitute) යෙදුනන්ට මරණීය දඬුවම හෝ කසපහර 100 ය, ඇසට ඇස, දතට දත වැනි නීතිරීති ශුද්ධවූ අල් කුර්ආනයේ සඳහන් ය. මෙවන් නීතීන් කිසිම මුස්ලිමෙකුට හෝ මුස්ලිම් සමුහයන්ට අතට ගත නොහැකිය. වෙනුවට ඉස්ලාමිය රජයක් මෙය ක්‍රියාත්මක කළ යුතුය.
සටන් පිළිබඳව නිකුත්වූ නියෝගයන් ද රජයකට පවරන ලදක් ය. වෙනුවට තනි පුද්ගලයෙකුට හෝ එවන් සමුහයක් හට නොව. මෙසේ කීමට තරම් හේතු සාධක ශුද්ධවූ අල් කුර්ආනයේ දැකගත හැක.
“අපගේ දෙවියනේ! අපරාධකරුවන් වාසය කරන මෙම රටින් අපව පිටමං කර හරිනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් ආරක්ෂකයෙකුද පහළ කරනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් උදවුකරුවෙකුද පහළ කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කරමින් සිටින බෙලහිනවූ පිරිමින් සඳහාද ගැහැනුන් සඳහාද, කුඩා දරුවන් සඳහාද, (මොවුන්ව ආරක්‍ෂාකරගැනීම සඳහාද) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ යුද්ධ නොකර සිටීමට ඔබට කුමක් නම් සිදුවී ඇත්ද?” (ශු.කු. 4:75)
මෙම වැකියෙහි බලහිනයන් වෙනුවෙන් ඔබ සටන් නොකරන්නේ මන්ද? යැයි සඳහන් වේ. බලහිනයන් යනු මක්කා නගරයේ සුළු ජාතීන් වශයෙන් සිටි මුස්ලිමානුවන් ය. ඔවුන් මක්කා නගරයේදී වචනවලින් කියා නිමකළ නොහැකි තරමට දුක් පීඩාවන්ට භාජනය වුහ. නගරය අත්හැර තම ජීවිතය බේරාගතහොත් ඇති යැයි සිතන තරමටම ඔවුන්ට වධහිංසාවන්වලට මුහුණ දීමට සිදුවිය.
එනමුත් ඔවුන්වද කැඳවාගෙන සටන් කරන මෙන් නියෝග නොකර ඔවුන් වෙනුවෙන් ඔබ සටන් නොකරන්නේ මන්ද යනුවෙන් නබිතුමාණන්ගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමීය රජයට ශුද්ධවූ අල් කුර්ආනය නියෝග කරන්නේය.
බලහිනයන් හා අවතැන්වූවන්ට යුධ කටයුතුවලට සහභාගිවීමට අනුමැතිය තිබුණේ නම් සතුරන්ට එරෙහිව සටන් කරනමෙන් ඔවුන් හට නියෝග කෙරෙනු ඇත. එනමුත් එසේ නොවුයේ එම වගකීම රජයක් සතු වීම නිසා යි.
එනම් අවශ්‍ය වූ විට සටන් (කර රට ජාතිය බේරාගැනීම) කිරීම එහි වෙසෙන තනි පුද්ගලයන්ගේ නොව එම රට පාලනය කරන රජයේ වගකීමයි.
තවද ඔවුන්ගේ නබි ඔවුන්ට “නියත වශයෙන්ම අල්ලාහ් තාලුත්ව ඔබට රජෙකු වශයෙන් යවා ඇත්තේය” යැයි පැවසීමට, ඔවුන් “අප කෙරෙහි ඔහුට කෙසේ නම් රාජ-උරුමය අත්වන්නේද? ඔහුට වඩා අපිම රජ කිරීමට ඉතාමත් සුදුස්සන් වන්නෙමු.(රජ කිරීමට අවශ්‍ය ය වූ) ඉමහත් ධනය ද ඔහු අත්කර ගත්තේ නැත” යැයි පැවසුහ. (එයට ඔවුන්ගේ නබි වන) ඔහු “නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි (රජ කිරීමට) ඔහුව තෝරාගෙන ඇත්තේය. තවද (යුධ) අධ්‍යාපනයෙහි ද, දේහ (විශාලත්වයෙන්ද) ශක්තියෙන්ද, ඔබට වඩා ඔහුව වැඩිකර ඇත්තේය. අල්ලාහ් තමන් කැමැත්තන්ටම තම රාජ-උරුමය ලබා දෙන්නේය. අල්ලාහ් (දානමාන කිරීමෙහි) අති මහත්ය. (රජ කිරීමට සුදුස්සන්ව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි කිවේය. (ශු. කු. 2:247)
ඉහත දැක්වූ වැකිය නබි නායක තුමාණන්ට පෙර සිටි එක් දේව දුතයෙකුගේ ඉතිහාස කතාව ගැන කියයි.
එම දේව දුතයාණන්ගේ අනුගාමිකයන් සතුරන්හේ පිඩාවන්වලට හසුවී තම ගම්බිම් වලිනුත් පිටුවහල් කරන ලදහ. එසේ ගම්බිම්වලින් පිටුවහල් කරනු ලැබුවද එම දේව දුතයාණන්ගේ නායකත්වයෙන් ඔවුන් සතුරන්ට එරෙහිව සටන් නොකළහ.
මේ අවස්ථාවේදී එතුමන්ගේ අනුගාමිකයන් සතුරන්ට එරෙහිව සටන් කිරීම සඳහා තමනට රජෙකු පත්කර දෙන ලෙසට තම නබිතුමන්ගෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීමට අනුව අල්ලාහ් දෙවියන් “තාලුත්” නම් වූ කෙනෙකුව ඔවුනගේ රජෙකු බවට පත්කර සතුරන්ට එරෙහිව සටන් කිරීම අනිවාර්ය කළේය යනු මෙම වැකිය පවසන ඉතිහාසයයි.
සේනාවක් රැස්කර සටන් කිරීම සඳහා රජයක් හා එයට නායකයෙකු (රජෙකු) ද අත්‍යාවශ්‍ය බව මෙමගින් ගැනෙන පළමු නිතිය වේ. එනම් එම සමුහය බොහෝ සේ පිඩාවන්ට හා මැඩ පැවත්විම්වලට ලක්වුවද සටන් කිරීමට තරම් හේතුන් තිබියදීත් ඔවුන් සටන් නොකළහ. ඔවුන්ට නායකත්වය දැරූ අල්ලාහ්ගේ වක්තෘවරයා ද සටන් නොකළේය. වෙනුවට තමන් හට රජෙකු පත්කරනමෙන් ඉල්ලීම් කරන ලදුව එය අල්ලාහ් විසින් පත්කිරීමෙන් පසුවයි ඔවුන් සටන් කර තිබේ.
“ඔවුන්ට එරෙහි වන බවට (ආයුධ) බලයද, (හුරු පුරුදු) යුධ අශ්වයින්ද, ඔබට ප්‍රමාණවත් අන්දමට ඔබ (සෑමවිටම) සුදානම් කර තබනු! මෙමගින් අල්ලාහ්ගේ සතුරාවද, ඔබගේ සතුරාවද ඔබට බිය ගැන්විය හැකියා. මොවුන් හැර (සතුරන්ගේ) වෙනත් සමහරෙක් සිටින්නාහ; ඔවුන්ව ඔබ හඳුනන්නේ නැත. අල්ලාහ්ම ඔවුන්ව හඳුනන්නේය. (මෙමගින් ඔවුන්වද ඔබට තිගැස්සීමට පත් කළ හැකිය. මේ සඳහා) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ කුමක් වියදම් කළද, (එහි ඵලවිපාක) ඔබට පූර්ණ වශයෙන්ම ලබා දෙනු ඇත. (එහි) පොඩියක් හෝ ඔබට අසාදාරණයක් කරනු නොලැබේ” (ශු.කු. 8:60)
මෙම ශුද්ධවූ අල් කුර්ආන් වැකියෙහි බොහෝ අයුරින් යුධ උපකරණ සූදානම් කර තබන ලෙස අණකරයි. එක් දේශයක දුබලව, සුළුතරයක්ව, තනි පුද්ගලයෙකුට හෝ එවන් සමුහයකට මෙසේ සූදානම් කිරීම යනු කළහැකි දෙයක් නොව. මෙවන් දේ රජයකට පමණක් කළහැකි ක්‍රියාවක් ය.
එවෙනි ඉස්ලාමීය රජයක් පිහිටවා සටන් කිරීමට තරම් (ඉහත සඳහන් කළ) හේතූන් ඇති නමුත් යුධ බල ඇණි හා යුධෝපකරණ නොමැතිනම්, එවැනි අවස්ථාවේදීත් සටන් කිරීම එවෙනි රජයකට ද අනිවාර්ය නැත. සතුරන්ගේ යුධ බලයෙහි 10% ක් තරම්වත් අප අතර තිබිය යුතු බව මුලින් සඳහන් කරන ලදී.
“(තවද) නබියේ! ඔබ විශ්වාසවන්තයින්ව යුද්ධයට (සූදානම් කරන මෙන්) පොළඹවනු මැනව! ඔබගෙන් (ඉවසීමද) විඳ දරාගන්නා හැකියාවක් ඇති විසි දෙනෙකු සිටියහොත් දෙසීය දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. ඔබගෙන් (එවැනි) සිය දෙනෙකු සිටියහොත් ප්‍රතික්‍ෂේප කරන්නන් දාහක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. නියත වශයෙන්ම මොවුන් දැනුමක් නැති ජනතාවක් වශයෙන් සිටීමම මෙයට හේතුව වේ”. (ශු.කු. 8:65)
පසුව ජනතාව අතර දැක්වූ දුබලතාවය සලකා බලා, සතුරන්ගේ යුධ බලයෙහි අඩක් (50%) ක් තරම්වත් තිබිය යුතු බව දැනුම් දෙන ලදී. එසේ නොමැතිව ඊට අඩුව ඇතහොත් යුධ කිරීම අනිවාර්ය නොවේ. එවෙනි අවස්ථාවේදී සංවරව සිටිය යුතුය. අල් කුර්ආන්හි නියමයද මෙය වේ.
“එහෙත් නියත වශයෙන්ම ඔබ වෙත දුබලතාවය ඇති බව අල්ලාහ් හොඳින් දැනගෙන, දැනට (එය) ඔබට පහසු කර හැරියේය. එබැවින් ඔබගෙන් (ඉවසීමද), විඳ දරාගත හැකි සිය දෙනෙකු සිටියහොත් (අනිත් අය) දෙසිය දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. (මෙවැනි) දහසක් දෙනෙකු ඔබගෙන් සිටියහොත් අල්ලාහ්ගේ පිහිටෙන් (අනිත් අය) දෙදහසක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය”. (ශු.කු. 8:66)
සතුරු දේශයෙහි යුධ බලයෙහි අඩකටත් වඩා අඩු බලයක් ඇති (ඉස්ලාමීය) රජයකටත් සටන් නොකළ යුතු බව හෙයින් දේශයක සුළුතරයක්ව සිටින ජනතාව වෙත කෙසේද යුධ කිරීම අනිවාර්ය වනුයේ?
මෙයින් ඉතා ප්‍රබල හානි සමාජයට සිදුවිය හැකි හෙයින් අල්ලාහ් සටන් කිරීම අනිවාර්ය නොකර ඉවසීමව කටයුතු කිරීම අනිවාර්ය කළේය.
නබි නායකතුමාණන් මක්කා නගරයෙහි විඳී දුක්කරදර මෙන් වෙන කිසිවෙකුවත් විඳ නැත. එම අවස්ථාවේදීත් නබිතුමාණන් යුධ බලයක් රැස් කළේ නැත. වෙනුවට ඉවසීමෙන් කටයුතු කළහ. මදීනා නගරයට ගොස් එහි (ඉස්ලාමීය) රජයක් පිහිටුවා සටන් කිරීමට තරම් හේතූන් ඇතිවූ විටයි උන්වහන්සේ ඇතුළු රජය සටනකට යොමුවුහ.
මෙය මුස්ලිමානුවන් වන අප හරියාකාරව අවබෝධ කර ගතහොත් අන් ජනතාව ඉස්ලාම් ආගම වෙතට දැක්ම හෙලනු ඇති බව සැලකිය යුතුයි.
නබි නායකතුමාණන් හා උන්වහන්සේගේ නෑදෑ හිතමිතුරන් ඔවුනගේ ගෙවල් දොරවල් හා වත්කම් සියල්ල අතහැර මක්කා නගරයෙන් පිටුවහල් කරන ලදුව මදිනා නගරයට පැමිණ එහි තනි රජයක් ද පිහිටුවුහ.
ඉන් පසුවත් මක්කා නගර වැසියන් (මදිනා නගරය වෙත) සටන් කිරීමට පැමිණි හෙයින් හා ඉස්ලාම් ආගම පිළිගත් මක්කාවේ ඉතිරිව සිටී මුස්ලිමානුවන්ව දුක් පීඩාවන්ට ලක් කළ හෙයින්ද ඔවුන්ගෙන් යමෙකුව ඝාතනය කළ හෙයින් ද එවෙනවුන් සමග යුධ කරනමෙන් අල්ලාහ් ඉස්ලාමීය රජයට අණ කළේය.
දේශයක් තමන්ගේ සතුරු දේශයක් සමග කෙසේ දැඩිව ක්‍රියා කරන්නේද ඉස්ලාමය ක්‍රියා කළේ ඊටත් වඩා බොහොම අඩුවෙන් ය.
“මරාදමනු! කපා දමනු!” යනුවෙන් සඳහන් කර ඇත්තේ යුද බිමේදී ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාවන්ය. යුදබිමේදී ක්‍රියා කළ යුත්තේ එසේ ය.
සටන් කිරීමට අණ කරන ශුද්ධවූ අල් කුර්ආනය ඒ හා සම්බන්ධ (පිළිපැදිය යුතු) නිතිරීතින් ද ඉස්ලාමීය රජයකට නියම කරයි.
සීමාව ඉක්මවා නොයාම
“ අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔබ යාම වලක්වා) ඔබට විරුද්ධවුවන් සමග ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු. මන්දයත්, නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත” (ශු.කු. 2:190)
සටනෙන් නික්ම යන්නන් හට වීරත්වය නොදැක්වීම.
“(මින්) පසුවද ඔවුන් (ඔබට විරුද්ධව යුද්ධ නොකර) ඈත් වුවහොත් (ඔබ ඔවුන්ව නොකපනු). නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත්ම ක්ෂමා කරන්නෙකු වශයෙන් ද, අධික දයාබරව ද සිටින්නේය. තව ද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත්ය යයි ස්ථිර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරවුල් නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන් ද ) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නොයනු!” (ශු.කු. 2:192,193)
සතුරන් සටන් කිරීමෙන් වැලකී සිටියහොත් ඔවුන් සමග සටන් නොකරන මෙන් මෙම වාක්‍යයන් මගින් ඉතා පැහැදිලිව අණ කරයි.
සමාදානයට එකඟවීම.
“ඔවුන් සමාදානය දෙසට ඇල වුවහොත් ඔබත් ඒ දෙසට ඇල වනු. අල්ලාහ්වද විශ්වාස කරනු. නියත වශයෙන්ම ඔහු සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය”. (ශු.කු. 8:61)
සතුරන් සාමයට එකඟ වුවහොත් (අප හට කොපමණ බලයක් ඇතත්) සාමයට එකඟත්වය දැක්විය යුතු බවට මෙම වැකිය සඳහන් කරයි.
“(නබියේ!) සමානයන් (ප්‍රතිමා) තබා නමදින්නන්ගෙන් කවුරුන් හෝ ඔබ වෙත ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් (වාක්‍යයන්) ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව සපයනු. (ඔහු එය සවන් දී විශ්වාසය නොතැබුවහොත්) ඔහුව, ඔහුට ආරක්ෂාව සපයන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් නියත වශයෙන්ම ඔවුන් දැනුම නැති ජනතාවක් වශයෙන් සිටින්නේය”. (ශු.කු. 9:06)
(ආරක්ෂාව පතා පැමිණෙන) සතුරන්ව වුවද ආරක්ෂාකාරී ස්ථානයකට පත්කරන මෙන් නියෝග කළ එකම ආගම ඉස්ලාම් ආගමයි.
මෙම පදනම නිසියාකාරව අවබෝධ කර නොගත් යම් මුස්ලිමානුවන් ඉස්ලාමීය රජයකට පනවන ලද නීතිය (තනි පුද්ගලයන් හා එවන් සමුහයක්) තමන් අතට ගෙන ක්‍රියා කිරීම ඔවුන්ගේ වැරදි අවබෝධය නිසාවෙනි.
රාජ්‍ය පාලනයක් තමන් හට නොතිබූ අවස්ථාවේදී නබි නායකතුමාණන් යුධායුද අතට නොගත් හෙයින් මොවුන් වැරදි මාර්ගයක සිටීම බෙහෙවින් සනාථ වන්නේය.
මෙවැනි ක්‍රියාවන් නිසා ඔවුන් කුමන ජනතාවක් / සමුහයක් වෙනුවෙන් මෙවැන්නක් කලෙහුද ඔවුන්ටම බලවත් හානි හා පීඩාවන් ඇතිවන්නේය.
ලෝකයේ කිසිම රටක මෙවැනි කණ්ඩායමකට අල්ලාහ් විජයක් (Victory) ලබා නොදුන්නේය.
මෙයටත් වඩා ඉස්ලාම් ආගමට ලැදියාවක් දක්වන ජනතාව ක්‍රමක්‍රමයෙන් අඩු වී යාමට හේතුව මෙවැනි ක්‍රියාවලියන්ය.
එම නිසා ඉවසීමෙන් යුතුව කටයුතු කර මුස්ලිම් නොවන ජනතාව වෙත ඉස්ලාම් ආගම පිළිබඳ ව ප්‍රචාරය කිරීම මුස්ලිමානුවන් වන අපගේ මුල්ම යුතුකම හා රාජකාරිය වේ.
මෙය අපි දැනගනිමු! අන් අයව දැනුවත් කරමු!
විශේෂ ස්තුතිය: www.tntj.net (දමිළ මාධ්‍ය ලිපිය)